අළු බඳුන ටෙස්ට් තරගයෙන් ඕස්ට්‍රේලියාවට මිලියන 3ක පාඩුවක්


ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන (Ashes) ටෙස්ට් තරගාවලියේ පළමු තරගය දින දෙකක් ඇතුළත අවසන් වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මණ්ඩලයට ටිකට්පත් ආදායමෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 3කට අධික පාඩුවකට මුහුණ දීමට සිදුව තිබෙන බව වාර්තා වෙනවා.

මීට හේතුව වන්නේ මුදල් ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය (refund policy) යටතේ, තරග නොකළ දින සඳහා තනි දින ටිකට්පත් මිලදී ගත් සියලුම නරඹන්නන් හට සම්පූර්ණ මුදල් ආපසු ලබා ගැනීමට හිමිකම් ඇති බැවින්, එම මුදල ලබා දීමට සිදුව තිබෙන නිසා බවයි සඳහන් වන්නේ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලැබීමට සමත් විය.


Post a Comment

0 Comments