ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් 8 දිවයිනෙන් පිටත් වෙයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මාසයේදී පාකිස්ථානයේ සංචාරයක නිරත වී එක්දින තරගාවලියකට සහ විස්සයි 20 තුන්කොන් තරගාවලියකට සහභාගී වීමට නියමිතයි.

විස්සයි 20 තුන්කොන් තරගාවලියට පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ ඇතුළත්.

මෙම තරගාවලියට මීට පෙර ඇෆ්ගනිස්ථානය එක්වීමට නියමිතව තිබුණ ද දෙරට අතර දේශසීමාවේ ඇතිවූ ගැටුම්වලින් ඇෆ්ගනිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් තිදෙනකු පාකිස්ථාන හමුදා ප්‍රහාරයකින් මියයාම හේතුවෙන් ඔවුන් මෙම තරගාවලියෙන් ඉවත් වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් 8 වන දින පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි.



Post a Comment

0 Comments