තාඹුගල අධිකරණයේදී වරද පිළිගනී


2019 වර්ෂයේ තුනවන කාර්තුව වෙනුවෙන් වැට් බදු වර්තා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් අවුරා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ විරංජිත් තාඹුගලට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්
ඕෂද මහාරාච්චි මහතා රුපියල් 25000 ක දඩ මුදලක් ඊයේ(25) නියම කළා.

ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ, විත්තිකාර තාඹුගල විදේශයන්හි උපයා ගත් කොටි හතක පමණ මුදලක් වෙනුවෙන් ඔහු මෙරටදී බදු ගෙවා ඇති බවත් එම මුදල් විවිධ දේශපාලනඥයින් අවභාවිතා කිරිමට උත්සාහ දැරූ බවය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී තාබුගල මහතා අධිකරණයේ පෙනී සිටි අතර අදාළ චෝදනාවට වරද පිළිගන්නා බව ඔහුගේ නීතිඥවරයා පැවසීය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා අධිකරණයට කරුණු දැක්වූවා.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විත්තිකරු නඩුවේ චෝදනාවට වරද පිළිගත් හෙයින් රුපියල් විසි පන්දහසක දඩයක් නියම කළේය.


Post a Comment

0 Comments