කුමාර් සංගක්කාරට ලොකු තනතුරක් ලැබෙයි


ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Rajasthan Royals කණ්ඩාය‍මේ ප්‍රධාන පුහුණුකාර ධුරය නැවතත් කුමාර් සංගක්කාරට හිමි වී තිබෙනවා.

2021 – 2024 අතර කාලය තුළදී ද කුමාර් සංගක්කාර එම තනතුරේ සේවය කළ නමුත්, පසුගිය වසරේ IPL 2025 හිදී රාහුල් ඩ්‍රාවිඩ් පුහුණුකරු ලෙස පත් කරමින්, කුමාර් සංගක්කාර Rajasthan Royals ක්‍රිකට් අධ්‍යක්ෂ තනතුරට පත් කර තිබුණා.

මේ සමග Rajasthan Royals පුහුණු කාර්ය මණ්ඩලයේ තවත් වෙනස්කම් කිහිපයක් ද සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.


Post a Comment

0 Comments