බේරේ වැව සංවර්ධනය කර, සංචාරක ආකර්ශන ස්ථානයක් බවට පත් කිරීමට බලාප‍ොරොත්තු වෙනවා - ජනපති


ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* ඓතිහාසික හා ස්වභාවික සංචාරක ගමනාන්ත ස්ථාන ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ආරම්භ කිරිමට බලාපොරොත්තු වෙනවා.

* රජයේ තානායම්, ඵලදායිව සංචාරක කර්මාන්තයට යොදා ගැනීමට බලාපොරාත්තු වන අතර, එවැනි ස්ථාන 900 ක් හඳුනාගෙන තිබෙනවා.

* බේරේ වැව සංවර්ධනය කර, එය කොළඹ ආකර්ශනීය ස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 2500 ක් යොදා ගැනීමට යෝජනා කරනවා.

* සංචාරක කර්මාන්තය සඳහා අභ්‍යන්තර ගුවන් ගමන්වලට හිඟුරක්ගොඩ ගුවන් තොටුපළ සංවර්ධනය කර 2026 දී විවෘත කිරීමටත්, යාපනය ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු වැඩි කිරීමටත් පියවර ගන්නවා.

Post a Comment

0 Comments