ජාතික ජන බලවේගය බලය හිමි ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ අයවැය පරාජය වීමෙන් පසුව එහි සභාපතිවරයා විසින් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරියකට බැන වැදීමේ සිදුවීමක් පසුගිය 12 වැනිදා වාර්තා වුණා.
ඒ අනුව, මෙම සිද්ධියට මුහුණදුන් සමඟි ජන බලවේගය නියෝජනය කරන නිකිණි අයෝද්‍යා මන්ත්‍රීවරිය විසින් පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය කියා සිටියේ,
“මම අද ආරච්චිකට්ටු ප්‍රාදේශයේ සභාවට ගියා මන්ත්‍රී අයිඩෙන්ටිය ගන්න. එතකොට සභාපති කිව්වා ‘මුන්ගේ මූසල මූණවල බලන්න කැමති නෑ මුන්ගේ අයිඩෙන්ටි ටික ඔක්කොම විසික් කරන්න’ කියලා. ඒ කියන්නේ සභාපති අයිඩෙන්ටි ටික විසික් කරා.’මෝඩ හරක්’ කියලා කිව්වා. එතකොට මෝඩ හරක් කියන්න සභාපතිතුමාගෙයි මගේ අධ්‍යාපන සුදුසුකම් හොයලා බලන්න ඕන. එතකොට කාර්‍යාල සහයක ඊට පස්සේ මට id එක දුන්නා. එතන කට්ටියම හිනා වුනා මට. එතකොට මට ආයේ කොහොමද මම ප්‍රාදේශීය සභාවට යන්නේ? මම කාන්තා නියෝජිතවරියක් හැටියට සභාපතිතුමා කතා කරපු විදිය හරිම වැරදි. ‘මුංගේ මූසල මූණවල් බලන්න කැමති නෑ මෝඩ හරක්’ කියලා බැන්නා. උඹලට එක ලයිට් එකක්වත් කිසිම ප්‍රතිපාදනයක් දෙන්නේ නෑ. අවුරුදු තුනක් ඉඳපල්ලා ඔහොම ඉදගෙන කියලා කිව්වා”
කෙසේවෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (13) පුත්තලම දිස්ත්‍රික් පළාත් පලාත් ආයතන කාන්තා සංසදය විසින් කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර අදාළ සභිකවරිය සඳහන් කළේ, තමා සක්‍රීය දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.
එහිදී අදහස් දැක්වූ එම මන්ත්‍රීවරිය,
“ඊයේ සිදුවීම තුළින් මම තීරණය කළ දේශපාලනයෙන් අයින් වෙන්න. දේශපාලනය මම තෝරගත්තේ දිගු ගමනක් යන්න. ඒත් මට දේශපාලනය කළකිරුණා. හෙට මම අපේ නායකතුමාට අස්වීමේ ලිපිය භාර දෙනවා.”


0 Comments