ශ්‍රී පාද වන්දනා වාරය අදින් ඇරඹෙයි

මෙවර ශ්‍රී පාද වන්දනා වාරය අදට ( 04)  යෙදෙන උඳුවප් පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ වනවා.

ඊයේ (03) දින උදෑසන පැල්මඩුල්ල ගල් පොත්තාවෙල රජමහාවිහාරයේ සිට සධාතුක කරඬු, සමන් දෙවි ප්‍රතිමාවහන්සේලා සහ පූජා භාණ්ඩ රැගත් පෙරහැර රත්නපුර ශ්‍රී පලාබද්දල, රත්නපුර අවිස්සාවේල්ල හැටන්, රත්නපුර කුරුවිට එරත්න, බලංගොඩ යන මාර්ග හතර ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරා වැඩම කරවීම ආරම්භ  කෙරුණා.

මෙයට අමතරව රත්නපුර, අවිස්සාවේල්ල හරහා හැටන් මාර්ගය ඔස්සේ තවත් පෙරහැරක් ද බලන්ගොඩ, මාරතැන්න, බගවන්තලාව දක්වා තවත් පෙරහැරක් ද පවත්වා සමන්දේව ප්‍රතිමා සහ දේවාභරණ වැඩම කිරීමටත් බුද්ධ පූජාව සහ දේව පූජා පැවැත්මටත් කටයුතු කර සිරිපා වන්දනා සමය ඇරඹීම සිදු කරන බවයි ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ ප්‍රකාශ කළේ.

ශ්‍රී පාද වන්දනා සමය ලබන වසරේ මැඳින් පුන් පෝය දිනයෙන් නිමාවට පත් වනවා.

The post ශ්‍රී පාද වන්දනා වාරය අදින් ඇරඹෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/l8NZ15w

Post a Comment

0 Comments