අපරාජිත ඉන්දීය කණ්ඩායම ලකුණු 191කින් පරාජය කරමින් වයස 19න් පහළ ආසියානු යොවුන් එක්දින ක්‍රිකට් ශූරතාව ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.
ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී අද (21) පැවැති අවසන් මහා තරගයේදීයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 347ක් ලබා ගැනීමට සමත් වුණා.
ඊට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 26.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 156ක් පමණි.


0 Comments