අසත්‍ය කරුණු ප්‍රචාරය කරන ආයතනවලට අදාළව රූපවාහිනී සංඛ්‍යාත ලබාදීමේ කොන්දේසි අනුවම කටයුතු කිරීමට රජයට අයිතියක් ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඒ අනුව, මෙතෙක් එවැනි තීරණයක් ගෙන නැතත්, ජනතාවගේ පාර්ශ්වයෙන් එවැනි තීන්දුවක් ගැනීමට අවශ්‍ය නම්, ඒ සම්බන්ධයෙන් රජය නොපැකිලෙන බවයි ඊයේ (16) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


0 Comments