අඹතලේ සිට දෙහිවල දක්වා ජලය රැගෙන යන ප්රධාන ජල සැපයුම් නළ පද්ධතියක ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
බලපෑමට ලක්වන ප්රදේශ
මෙම හදිසි නඩත්තු කටයුත්ත හේතුවෙන් පහත සඳහන් ප්රදේශවලට දැනට ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත:
- මොරටුව, රාවතාවත්ත සහ සොයිසාපුර
- රත්මලාන, ගල්කිස්ස සහ දෙහිවල
- වැල්ලවත්ත සහ පාමංකඩ
- මුල්ලේරියාව සහ කොළොන්නාව
මීට අමතරව, බත්තරමුල්ල ප්රදේශයට දැනට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බව මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
දැනටමත් අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර, හෙට (19) පෙරවරු 6.00 වන විට අදාළ ප්රදේශවලට ජල සැපයුම යථාතත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වා සිටී. ජල පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටියි.
The post අඹතලේ සිට දෙහිවල දක්වා ප්රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳවැටීමක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/biVs0wh

0 Comments