කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගනී! කෝටි 110කට මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට!

රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීවරධාරීන් 22 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊයේ (25) රාත්‍රියේ මෙම වැටලීම සිදු කරන ලදී.

සැකකරුවන් විසින් රැගෙන ආ ගමන් මලුවල ව්‍යාජ පතුල් සකස් කර, පාසල් උපකරණ සහ රසකැවිලි සමඟ සූක්ෂ්ම ලෙස අසුරා තිබූ කිලෝග්‍රෑම් 110කට අධික මත්ද්‍රව්‍ය තොගය නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී. සෑම ගමන් මල්ලකම කිලෝග්‍රෑම් 05කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබී ඇත.

අත්අඩංගුවට ගත් පිරිස දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි, උසස් අධ්‍යාපනය හදාරන තරුණ චීවරධාරීන් පිරිසක් බව හඳුනාගෙන තිබේ.

ඔවුන් පසුගිය 22 වැනිදා අනුග්‍රහකයෙකුගේ ආධාරයෙන් තායිලන්තය බලා ගොස් ඇති අතර, එහිදී ඔවුන් ගිහි වෙස්ගෙන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වූ බවට සාක්ෂි ඔවුන්ගේ ජංගම දුරකථන හරහා අනාවරණය වී ඇත.

මෙය කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ එකවර අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන අතර, චීවරධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි

The post කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගනී! කෝටි 110කට මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qoUCnr0

Post a Comment

0 Comments