හෝමූස් සමුද්‍ර සන්ධිය හෝ පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින අමෙරිකානු නාවික වත්කම් ඉලක්ක කිරීමට උත්සාහ කළහොත් ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කර දමන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
පසුගිය සඳුදා (මැයි 04) ඉරාන නාවික හමුදාව විසින් හෝමූස් සමුද්‍ර සන්ධියේදී අමෙරිකානු යුද නෞකාවකට මිසයිල ප්‍ර#ර එල්ල කළ බවට කළ ප්‍රකාශයෙන් පසු තත්ත්වය තවදුරටත් උණුසුම් වී ඇත. ජනාධිපති ට්‍රම්ප් සිය ‘ටෘත් සෝෂල්’ (Truth Social) ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකානු හමුදාව විසින් ඉරානයට අයත් වේගවත් බෝට්ටු (Fast Boats) 7ක් වෙ# තබා බිම හෙළූ බවයි.
හෝමූස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති වාණිජ නෞකා සහ ඒවායේ සේවකයන් ආරක්ෂිතව පිටතට මෙහෙයවීම සඳහා අමෙරිකාව විසින් “Project Freedom” නමින් විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.
මෙම මෙහෙයුමට බාධා කිරීමට ඉරානය උත්සාහ කළහොත් සම්පූර්ණ හමුදා ශක්තිය යොදවා ඉරානය විනාශ කරන බවට ට්‍රම්ප් අවධාරණය කරයි.
The post ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/eZ6cVu4

0 Comments