මහා භාණ්ඩාගාරය සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ද වගකිව යුතු බව මුදල් අමාත්‍යාංශය විසින් සකස් කරන ලද විශේෂ වාර්තාවක පෙන්වා දී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හෙළි කරයි.
මෙම බරපතළ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඊයේ (08) පස්වරුවේ හදිසියේ රැස් විය. ඒ සඳහා මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කැඳවා තිබුණි.
ඊයේ රාත්‍රීයේ රූපවාහිනී වැඩසටහනකට සමඟ සම්බන්ධ වෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ, මුදල් අමාත්‍යාංශ වාර්තාව මඟින් මතු කර ඇති කරුණුවලට අදාළව මහ බැංකුවේ නිල ස්ථාවරය සහ පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීම සඳහා මහ බැංකුව වෙත සතියක (01) කාලයක් ලබා දුන් බවයි.
The post භාණ්ඩාගාරයෙන් නැති වුණු මුදල් ගැන කරුණු දැක්වීමට මහ බැංකුවට සතියක කාලයක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/QJgS2tv

0 Comments