බැසිල් ලංකාවට එන දවස ගැන මහින්ද කට අරී

වත්මන් රජය අධිකරණ ක්‍රියාවලිය මුවාවෙන් සිදුකරනු ලබන්නේ දේශපාලන පළිගැනීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අධිකරණ ක්‍රියාවලිය මුවාවෙන් දේශපාලන පළිගැනීම් සිදුවන බවට ජනතාව චෝදනා කරන්නේ දැයි මාධ්‍යවේදියෙකු මෙහිදී ප්‍රශ්න කර සිටි අතර, ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, “ඇත්ත වශයෙන්ම දේශපාලන පළිගැනීමක් තමයි කරන්නේ. ඒක ඉතින් සාමාන්‍යයෙන් ඒ කට්ටිය කරන දෙයක්නේ” යනුවෙන්.

රාජපක්ෂ පවුලේ සාමාජිකයින් රැසකට නඩු පවතින පසුබිමක බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී ලංකාවට පැමිණෙන්නේදැයි මාධ්‍යවේදීන් විමසූ විට ඔහු කියා සිටියේ, ඔහු පැමිණෙන දිනයක් තමා නොදන්නා බවයි.

“එයා ඒවි. හැබැයි එන දවස එයාගෙන්ම තමයි අහන්න ඕනේ. අපි එයා යන දවස දන්නෙත් නැහැ, එන දවස දන්නෙත් නැහැ.”

මීරිගම පැවැති ආගමික උත්සවයකට එක්වීමෙන් අනතුරුව, මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

The post බැසිල් ලංකාවට එන දවස ගැන මහින්ද කට අරී appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qW3YNOL

Post a Comment

0 Comments