අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කථානායකවරයා වෙත භාරදීමට පියවර ගන්නා බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
අමාත්‍යවරයා තමන්ට අදාළ සියලු වගකීම් පැහැරහැර ඇති බව පවසන මන්ත්‍රීවරයා, මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ නොසන්සුන්තාවය හේතුවෙන් ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේ ද ආරක්ෂාව පිළිබඳ වගකීම සහ වගවීම ඉටු කිරීමට අපොහොසත් වීම මීට හේතුව බව සඳහන් කළේය.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙම විශ්වාසභංග යෝජනාවට ඉකුත් 10 වනදා පාර්ලිමේන්තුවේදී අත්සන් තබා තිබේ.
මේ අතර බාල ගල්අඟුරු සිද්ධිය මුල් කරගනිමින් එවකට බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කුමාර ජයකොඩි මහතාට එරෙහිව ද විපක්ෂය පසුගියදා විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පියවර ගත්තේය.
අප්‍රේල් 10 වනදා ඒ පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර, එහිදී එම යෝජනාවට විපක්ෂව ඡන්ද 153ක් සහ පක්ෂව ඡන්ද 49ක් ලැබුණි. ඒ අනුව එවක බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 104කින් පරාජයට පත් විය.
The post අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ කථානායකට appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/lJ3TunK

0 Comments