ලබන මාසයේ ආරම්භ වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද නැද්ද යන නියෝගය අද (23) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මෙම වසරේ පළමුවරට හා දෙවනවරට විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් නව දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එය පසුගිය 16 වැනිදා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අවසන් වරට සලකා බලනු ලැබුවා.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ භූපති කහතුඩුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛවලට අනුව අනිවාර්යෙන් පැවැත්විය යුතු පාසල් දින සංඛ්‍යාව නියම කර ඇති බවයි.
දිට්වා සුළි කුණාටුව සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් බදාදා දිනවල නිවාඩු ප්‍රකාශයට පත් කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය වැනි කාරණා හේතුවෙන් පාසල් නිසි පරිදි නොපැවැත්වූ බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා සිසු සිසුවියන් 378,000ක් පමණ ලියාපදිංචි වී ඇති බවයි.
ඉන් නව දෙනෙකු පමණක් මෙම විභාගය කල් දමන ලෙස ඉල්ලා අධිකරණය හමුවට පැමිණ තිබෙන බව ඔහු කියා සිටියේ.
විභාගවලට පෙනී සිටීම සඳහා සිසුන් සාමාන්‍යයෙන් වාර්ෂිකව පාසැල් පැමිණීමෙන් සියයට 80ක් සම්පූර්ණ කිරීම අවශ්‍ය වුවද මෙම පෙත්සම්කරුවන් අතුරින් එක් පෙත්සම්කාර ශිෂ්‍යයකුගේ පාසල් පැමිණීම සටහන් වී ඇත්තේ සියයට 7.2ක් ලෙස බවත් ඔහු ප්‍රකාශ කළා.
උසස් පෙළ විභාගය කල් දමනු ලැබුවොත් විශ්වවිද්‍යාල ප්‍රවේශය වැනි කටයුතුවලටද දැඩි අගතියක් සිදුවනු ඇති බව සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියා.
ඒ අනුව, පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු වසන් කිරීමක් සිදුකර තිබෙන බවත්, ඔවුන් අධිකරණයට පැමිණ තිබෙන්නේ පිරිසිදු දෑතින් නොවන බවත්, මෙහිදී සොලිසිටර් ජෙනරාල්වරයා අවධාරණය කළා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දෙන්නේද? නැත්ද? යන නියෝගය අද ප්‍රකාශයට පත් කරන බවයි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන ඇමතිණිය, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, විභාග කොමසාරිස් ජෙනරාල්වරිය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
The post උසස් පෙළ කල් දමනවාද? නැද්ද? තීරණාත්මක තීන්දුවක් අද appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/hVM0u9r

0 Comments