දින 08කට පසු නැවතත් ගෑස් වෙළෙඳපොළට

 


දින 08කට පසුව අද (31) දිනයේ ගෑස් වෙළෙඳපොළ ට නිකුත් කිරීමට නියමිතව තිබේ.

ලිට්‍රෝ සමාගම සඳහන් කළේ, අද දිනයේ සිට ලබන සිකුරාදා දක්වා දෛනිකව ගෑස් සිලින්ඩර් 50,000 ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි

නියමිතව තිබූ දිනට ගෑස් නෞකාව නොපැමිණීම හේතුවෙන් පසුගිය අඟහරුවාදා දිනයේ සිට ගෑස් බෙදාහැරීමේ කටයුතු ලිට්‍රෝ සමාගම විසින් නතර කරනු ලැබුවා

ඊයේ දිනයේදී ගෑස් මෙට්‍රික් ටොන් 3,950ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණි අතර එය ගොඩබෑමේ කටයුතු පස්වරුවේම ආරම්භ කළ බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේ

ඒ අනුව අද දිනයේ සිට ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන අතර දෛනිකව නිකුත් කරනු ලබන ගෑස්වලින් සියයට 30ක ප්‍රමාණයක් හෝ ගෑස් සිලින්ඩර් 30,000ක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදාහැරීමට නියමිතය බවටයි වාර්තා වන්නේ.

Post a Comment

0 Comments