ආණ්ඩුවෙන් ඉවත්වූ පක්ෂ 10 ය ගත් තීරණය

 

රට අරාජික කරන්න ඉඩ තියන්නේ නැහැ

පැවැති රජයට සහයෝගය දැක්වූ පක්ෂ 10 ද අද (13) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණි.

ඒ නව අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සහයෝගය ලබාදෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.

ඒ අනුව අදාළ පක්ෂ තීරණය කර ඇත්තේ විපක්ෂයේ රැඳීසිටීමට සහ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමටය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඒ බව පැවසීය.

නමුත් පිහිටුවා ගන්නා පාලනය කඩාකප්පල් කිරීමේ අරමුණින් කටයුතු නොකරන බවද ඔහු පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ,

“ඒ පිහිටුවාගනු ලබන පාලනය කඩාකප්පල් කරන්න හෝ ඒ පාලනය හොඳ දෙයක් කරනවා නම් ඒකට සහයෝගය නොදී ඉන්න හෝ වෛරී දේශපාලනයක් කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ.”


“ඒ නිසා පක්ෂ 10 එකමුතුවට අයත් මන්ත්‍රීවරු සියලු දෙනාම විරුද්ධ පක්ෂයේ සිටිමින් ආණ්ඩුවේ යහපත් පියවරවලට සහයෝගය දෙනවා. හැබැයි අපි රට අරාජික කරන්න ඉඩ තියන්නේ නැහැ


Post a Comment

0 Comments