13 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය



 අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ දී පිහිටා ඇති ජාතික රණවිරු ස්මාරකය අභියස දී 13 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වුණා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැවූ අතර,  ජනාධිපතිවරයා විසින් මානුෂීය මෙහෙයුමේදී දිවි පිදූ රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකරනු ලැබුවා.

උත්සවයේ සමාප්තිය සනිටුහන් වුණේ රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකරමින් වැයෙන මළවුන් සිහිකිරීමේ සහ පිබිදීමේ වාදනය ගුවනට මුසු කිරීමත් සමගයි.

Post a Comment

0 Comments