මැයි 09 වනදා ගාලු මුවදොර සහ අරලිය ගහ මන්දිරය අසල ප්‍රචණ්ඩ සිදුවීම්වලට අදාළව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුලු 16 දෙනෙකුට විදෙස් ගමන් තහණමක් පණවා තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි නියෝගය ලබාදුන්නේ.
නාමල් රාජපක්ෂ – සනත් නිශාන්ත – ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු පිරිසක් සඳහාද මෙම නියෝගය බලාත්මක වනවා.
0 Comments