ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණපා ඇති දේශපාලන හා ආර්ථික අර්බුදය තුළ ශ්‍රී ලංකාව තුළ ප්‍රහාර දියත් කිරීම සඳහා එල්.ටී.ටී.ඊ සංවිධානයේ පැරණි සාමාජිකයන් යළිත් එක්වී සිටින බවට ඉන්දීය බුද්ධි අංශ උපුටා දැක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ජාත්‍යන්තර සබඳතා ඇති දෙමළ ඩයස්පෝරාව, සමහර කොටස් විරෝධතාකරුවන් සහ සන්නද්ධ අංශ අතර පවතින ගැටුම් වලදී ඔවුන්ගේ අරමුණ දියත් කිරීමට උත්සාහ කරමින් සිටින බවද එම වාර්තාවේ දක්වයි.
මැයි 18 වැනිදාට යෙදී ඇති මුල්ලිවයික්කාල් සැමරුම් ඉලක්ක කරමින් මෙම ප්‍රහාර දියත් කිරීමට සැලසුම් කර ඇතැයි ද එම වාර්තාව සඳහන් කර සිටී.
කෙසේ වෙතත් රටක අස්ථාවරත්වයක් ඇතිවන පසුබිමක් තුළ රටේ සෑම අංශයක්ම කඩා වැටීමක් සිදු වීම නොරහසක් වේ. එල්ටීටීඊ නායකයා මියයමෙන් පසුව ද ඔවුන්ගේ අනෙකුත් නායකයින් එක් වී නැවත එම සංවිධානයට පණ දෙන්න උත්සාහ කළ අවස්ථා ද නැතුවාම නොවේ. එවන් පසුබිමක් තුළ දුර්වලතාවය කොතනද එතන යම් ගැටලුවක් ඇති වෙනවා නොඅනුමානය.
අදාළ වාර්තාව මෙතනින්.
0 Comments