ශ්‍රී ලංකා රුපියල් කෝටි 200 කට වැඩි වටිනාකමින් යුත් ආධාර තොගයක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිට අද කොළඹ වරායට ළගාවීමට නියමිත බව වාර්තා වේ.
සහල් මෙට්‍රික් ටොන් 9000 ක් සහ කිරිපිටි ටොන් 50 ක් සහ ඖෂධ හා වෛද්‍ය උපකරණ ටොන් 25 ක් ඒ අතර වේ.
කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විසින් මෙම ද්‍රව්‍ය ශ්‍රී ලංකා රජය වෙත භාර දෙනු ඇති අතර ඒවා පසුගිය 18 වනදා තමිල්නාඩුවෙන් ශ්‍රී ලංකාව බලා පිටත්ව ඇත.
තමිල්නාඩු රජය විසින් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 550 කට අධික වටිනාකමින් යුත් සහල් මෙට්‍රික් ටොන් 40,000 ක් – කිරිපිටි ටොන් 500 ක් සහ ඖෂධ සැපයීමට එකගවු අතර අද (22) මෙලෙස ළගාවන්නේ එහි පළමු තොගයයි.
ඒවා උතුර – නැගෙනහිර – මධ්‍යම සහ බස්නාහිර පළාත්වල අවශ්‍යතා සහිත ජනතාව වෙත බෙදා හැරෙන බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.


0 Comments