ද්විත්ව පුරවැසියන් එලවමින් 21 පාර්ලිමේන්තුවට.. බැසිල් පාර්ලිමේන්තුවෙන් එලියට..


 

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසිඑක් වෙනි සංශෝධනය මගින් ද්විත්ව පුරවැසිභාවය දරන අයට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව ස්ථිර වශයෙන් ම අහෝසි කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඒ අනුව දැනට ද්විත්ව පුරවැසිභාවය සහිතව පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුරයන්ද අහෝසි වනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම 21 සංශෝධනය ගෙන ඒමේ එක් පරමාර්ථයක් වන්නේ ද එයම බවත් හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ඇමති ධුරයේ දිවුරුම් දීමෙන් පසු වැඩ බාර ගැනීමේ අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

අධිකරණ ඇමතිවරයාට අනුව දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකු වන බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද ඒ සමග අහෝසි වනු ඇත.

Post a Comment

0 Comments