පාන් ගෙඩියක් 30කින් ඉහලට…

 


තිරිඟු පිටි මිල පාලනය සම්බන්ධයෙන් රජය සාධනීය පියවරක් නොගන්නේ නම් රට පුරා සියලු බේකරි හා හෝටල් වල ආහාර නිෂ්පාදන නවතා දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා කියා සිටින්නේ රජය විසින් තිරිඟු පිටි පාලන මිල ඉවත් කිරීම නිසා අර්බුද රැසකට මුහුණ දීමට සිදු වී ඇති බවයි.

පාන් පිටි මිල ඉහල යාම හේතුවෙන් බේකරි කර්මාන්තය කඩා වැටීමේ අවදානමකටද මුහුණ දී ඇතැයි ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මේ අතර තිරිඟු පිටි මිල ඉහළයෑම හේතුවෙන් පාන් රාත්තලක මිල රුපියල් 30කින් ඉහළ දමා ඇත.

ඒ අනුව පාන් ගෙඩියක් රුපියල් 170ක් පමණ වෙයි.

Post a Comment

0 Comments