හදිසි වැටලීමකින් ඇ. ඩොලර් 47,000ක් කොටුවෙයි


ඇමරිකානු ඩොලර් 47,000 ක් විශුද්ධීකරණය කිරීමේ වරදට පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

ලද තොරතුරකට අනුව ඊයේ (14) දින බොරලැස්ගමුවේ දි සිදුකළ හදිසි වැටලීමකදි මෙම විදේශ මුදල් ප්‍රමාණය අත්අඩංගුගත් බව වාර්තා වේ.

මෙමෙ විදේශ මුදල් වල වටිනාකම රු 17 ,15,5000ක් බව වාර්තාවේ. 

බැංකු ගත නොකර උන්ඩියල් ක්‍රමයට  පවතින ඩොලරයේ වටිනාකමට වැඩි වටිනාකමකට  අලවි කිරීමේ වරදට පුද්ගලයකු සහ ඒ සඳහා ආධාර අනුබල දුන් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක සහ වයස අවුරුදු 52 ක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිරුළපන නීති විරෝධී වත්කම් විමර්ෂණ කොට්ඨාශය වෙත භාර දී ඇත.

Post a Comment

0 Comments