තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු අද (20) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේම ජයන්ත, විජයදාස රාජපක්ෂ, ටිරාන් අලස් සහ ඩග්ලස් දේවානන්ද අද නව කැබිනට් අමාත්‍ය ධූරවල දිවුරුම් දීමට නියමිතව බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත්, සුසිල් ප්‍රේම ජයන්ත අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්, විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා ලෙසත්, ඩග්ලස් දේවානන්ද ධීවර අමාත්‍යවරයා ලෙසත් දිවුරුදීමට සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
මේ අතර රාජ්‍ය ඇමතිවරුන් තිස් දෙනකු පත් කිරීමට නියමිත බවට ආරංචි මාර්ග සදහන් කරයි.


0 Comments