පෝලිම්වල රැඳී සිටිය ද අද දිනය තුළ කිසිදු ක්‍රමයකින් පෙට්‍රල් ලබාදීමට අවස්ථාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය කංචන වීරසේකර පවසනවා.
පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ජනතාවට පෝලිම්වල රැඳි නොසිටින ලෙස පවසා තිබිය දී මෙලෙස දිගු පෝලිම්වල සිටීම කිසිදු ඵලක් නොමැති බවය.
එමෙන්ම සමාජයේ වැරදි මතයක් පළ වීම හේතුවෙන් මේ වනවිට සියලු මන්ත්‍රීවරුන්ට බරපතළ අසාධාරණයක් සිදුව ඇති බවය.
ඊයේ දිනයේ දී මන්ත්‍රීවරුන්ට අඩු මිලට ඉන්ධන ලබාදෙන ලෙසට පළ වූ වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, නාරාහේන්පිට ඉන්ධන පිරවුම් හලෙන් මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලබාදෙන්නේ පවතින කොන්දේසිවලට යටත්ව උපරිමය රු 8,000ක් දක්වා පමණක් බව ද අමාත්‍යවරයා කියා සිටියා.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“අපි ඊයේ ඉල්ලීමක් කළා, පෙට්‍රල්වලට රැඳිලා ඉන්න එපා කියලා. රැඳිලා ඉන්න එපා කියලා ඉල්ලීම කළේ ඊයේ වෙනකල්ම ඒ නෞකාව අපිට ගන්න බැරිවෙලා තිබුණා. ඒ නිසා තමා අපි ඉල්ලීමක් කළේ, දවස් තුනක් යනකල් පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා කියලා. නමුත් මට හිතාගන්න බැහැ පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා කියද්දිත් විශේෂයෙන්ම පොලීසියටත් දැනුවත් කළා. ඒත් අද දවසේත් අපි දකිනවා විශාල වශයෙන් පෙට්‍රල්වලට විශාල පෝලිම් තියෙනවා. පෝලිම්වල හිටිය ට අද දවසේ නිකුත් කරන්න පුළුවන් කමක් නෑ පෙට්‍රල්. ඩීසල් සම්පුර්ණයෙන්ම නිකුත් කරලා තියෙනවා. ඊයේ රෑ 10.30ට තමා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කථා කරලා එළියේ තියෙන නෞකාවට මුදල් ටික ගෙව්වේ. අද උදේ 8.30ට තමා ඒ නෞකාව අපේ වරායට ආවේ. ඒ නිසා අද රෑ වෙනවා ඒ ඉන්ධන ටික ගොඩබාන්න. ගොඩබාලා දවස් දෙකක් යනවා අනිවාර්යයෙන්ම හැම ෂෙඩ් එකකටම පෙට්‍රල් ලබාදෙන්න. ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලනවා ජනතාවගෙන් රැස්වෙලා ඉන්න එපා…කිසිසේත්ම අද දිනයේ පෙට්‍රල් ලබාදීමට ක්‍රමයක් අපිට නෑ.”


0 Comments