එළවළු තොග අපතේ යාම වැළැක්වීමට මැනිං වෙළඳපොල අද පැය කිහිපයකට විවෘත කෙරේ

 


පෑලියගොඩ මැනිං වෙළඳපොල අද උදැසන10 දක්වා විවෘතව තැබීමට තීරණය කර ඇත.

වෙසක් පොහොය නිමිත්තෙන් අද සහ හෙට යන දෙදිනම  එම වෙළඳපොල වසා තැබීමට මීට පෙර තීරණය කර තිබු බව මැනිං වෙළඳපොල ව්‍යාපාරිකයින් සදහන් කරයි.

කෙසේ වෙතත්, පැමිණි එළවළු තොග අපතේ යාම වැළැක්වීම සඳහා වෙළඳපොල අද පෙරවරු 10 දක්වා විවෘතව තැබීමට පසුව තීරණය කර තිබේ.

Post a Comment

0 Comments