රජය විසින් නිදහස් සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කිරීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින්නේ යයි සැක පළවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සංගමයේ ලේකම් වෛද් සෙනාල් ප‍්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා රුපියල් බිලියන තිහක් අවශ්‍ය ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවත් එම මුදල් ලබාදීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ පෙර කී කුමන්ත‍්‍රණය අනුව විය හැකි බවයි.
රටේ දැවෙන ප්‍රශ්න අතරේ රෝහල්වල ඖෂධ හිගය ඇතුළු සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත්ව නැතිවීම ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇති බවද ඔහු පැවසීය.
පසුගිය පාර්ලිමේන්තු රැස්වීම් වල දී ඉකුත් සතිය තුල එකම මන්ත්‍රීවරයකු හෝ පවතින සෞඛ්‍ය ගැටලුව ගැන කතා නොකිරීම කනගාටුවට කරුණක් බව ද හෙතෙම කීය.
පවතින තත්වය යටතේ සෞඛ්‍යය පද්ධතිය බිඳ වැටීම කිසිසේත්ම වැළැක්විය නොහැකි බවත් ලේකම්වරයා තවදුරටත් කියා සිටියේය.
0 Comments