කළහකාරී ලෙස හැසිරුනොත් පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කරන්නේ නැහැ - ඇමති දැඩි තීරණයක් ගනියි

 


ඉන්ධන පිරවුම්හල් අසළ මාර්ග අවහිර කිරීම සහ කළහකාරී ලෙස හැසිරෙන්නේ නම් එම පිරවුම්හල්වලට ඉන්ධන නිකුත් නොකරන බව බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඉන්ධන ලබා දෙන ලෙස බල කරමින් අද පෙරවරුවේ ද දිවයිනේ ප්‍රදේශ රැසකදී මාර්ග අවහිර කරමින් ජනතාව විරෝධතාවල නිරත වුණා. එය සැළකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. 

මේ අතර ප්‍රමාණවත් තරම් ඉන්ධන පවතින හෙයින් අනවශ්‍ය ලෙස ඉන්ධන එක්රැස් නොකරන්නැයි බලශක්ති අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියා. විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ අද දහවල් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Post a Comment

0 Comments