නව යොවුන් වියේ දරුවෙක් වන සිසුවාගේ වයස අවුරුදු 15ක්.
මේ දරුවා කියන වචනයට නම් 10 වසරෙ කොලුකුරුට්ටො එකඟ වෙන එකකුත් නෑ, මොකද ඒ වයසෙ කොලුවෙකුට මේ වගේ අවස්ථාවක් හම්බවෙනවා කියන්නෙ දෙයියො දෙනවා වගේ එකක් කියන හැඟීම තමයි ඒ අයට නම් තියෙන්නෙ.
අපි හොඳටම දන්නවා, කොහේ හරි මේ වගේ ප්‍රවෘත්තියක් දැකපු ගමන් සමාජ මාධ්‍ය කැළඹෙන්නෙ,
”අයියෝ අපිට හිටියෙ නෑනෙ දෙයියනේ එහෙම ටීචර්ලා” කියන අඳෝනාත් එක්ක
ඒ කොහොම වුණත් කතාව මේකයි,
28 හැවිරිදි ඉංග්‍රීසි ගුරුවරියක් වන ජෙනිෆර් කියන රූමත් කාන්තාව මිසිසිපි හෝටල් කාමරයකදී 15 හැවිරිදි පිරිමි ශිෂ්‍යයෙකු සමඟ ලිංගිකව හැසිරෙමින් ඉන්න අතරෙ පොලිසියට අහුවෙලා තියෙනවා.
ඇය මේ සිද්ධිය වෙන්න කලිනුත් සිසුවෙකු සමඟ ලිංගිකව හැසිරී ඇතැයි පැතිර ගිය කටකතා හේතුවෙන් ඇයට මේ සිද්ධියෙන් මාස දෙකකට පෙර ඔක්ලහෝමා හි හොලිස් නම් මධ්‍ය පාසලේ සිය තනතුරෙන් ඉල්ලා අස් වෙන්නත් සිද්ධ වෙලා තියෙනවා.
ඒ තියෙද්දි තමයි මේ නෝනා 15 හැවිරිදි සිසුවෙක් එක්ක හෝටල් කාමරයක් ඇතුළෙ ඉද්දි පොලිසියේ අතටම අහු වෙන්නෙ.
මේ යුවළ පිරිමි ළමයාගේ නිවසේදි පන්ති කාමරයේ සහ තව වෙනත් බොහෝ තැන්වල මේ විදියෙ බොහෝ ලිංගික හමුවීම් සිදුකර ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.
හැබැයි පොලිසියට මේ දෙන්න හම්බවෙන්නෙ කැස්වෙල් ඔක්ලහෝමා සිට මිසිසිපි දක්වා සැතපුම් 650ක් පමණ දුරින් පිහිටි හෝටලයක රති සුව විඳිමින් ඉන්න අතරෙදියි.
කොහොම වුණත් ජෙනිෆර් අවසානයේ ස්ත්‍රී දූෂණ තුනකට, දරුවෙකු පොළඹවා ගැනීමේ චෝදනා දෙකකට මෙන්ම බලහත්කාරයෙන් ලිංගිකව හැසිරීමේ එක් චෝදනාවකට වරදකාරිය වූ අතර වසර දහයක සිර දඬුවමක්ද ලැබනවා.
ඒ විතරක් නෙමෙයි. ජෙනිෆර්ට ඇයගේ අපරාධ සඳහා ඩොලර් මිලියනයක වන්දියක් ගෙවන්නත් නියෝග කරලා තියෙනවා.
මොකද මේ පිරිමි ළමයා සහ ඔහුගේ පියා එකතු වෙලා කැස්වෙල්ට සහ පාසලට එරෙහිව නඩු දාලා තියෙනවා.
ඉතින් ඒ ගොනු කරන ලද නඩුවේ තීන්දුවේ කොටසක් විදිහට, ෆෙඩරල් විනිසුරුවරයෙක් කැස්වෙල්ට ඩොලර් මිලියනයක මුදල පිරිමි ළමයාගේ පවුලට ගෙවන්න නියෝග කරලා තියෙනවා.
ඒ කියන්නේ තාත්තයි පුතයි තමයි හොඳටම කරලා තියෙන්නෙ, ප්‍රවෘත්තියට ප්‍රතිචාර දක්වන අයට තියෙන්නෙ ඒ වගේ අදහසක්.
0 Comments