රටවල් කිහිපයක පැතිර යන මංකි ෆොක්ස් හෙවත් වඳුරු උණ (monkey pox) වසංගතය පිළිබඳ පරික්ෂා කිරීම සහ රෝග විනිශ්චය සිදු කර ගැනීමට ශ්‍රී යවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පහසුකම් පවතින බව එහි ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කරයි.
ඒ අනුව ශ්‍රී ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව හා ශෛල ජෛව විද්‍යා ආයතනයේ එම පරීක්ෂණ සිදුකර ගැනීමේ හැකියාව පවතින අතර අවශ්‍ය රසායනිකයන්ද ලබන සතියේ ලැබෙනු ඇතැයි ට්විටර් සටහනක් තබමින් ඔහු සඳහන් කර තිබේ.
බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ ප්‍රචලිත මන්නි ෆොක්ස් හෙවත් මේ වඳුරු වුණා වසංගතය යුරෝපය ව්‍යාප්ත වීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය ලන්ඩනයේදී හදිසි රැස්වීමක් ද කැඳවා ඇති බව වාර්තා වේ.
ජර්මනිය, බෙල්ජියම, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, පෘතුගාලය ස්පාඤ්ඤය, ස්වීඩනය සහ එක්සත් රාජධානි යන යුරෝපා රටවල මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල් වලින් වඳුරු උණ ආසාදිතයන් සොයාගන ඇති බව වාර්තා වේ.
යුරෝපයෙන් පමණක් එලෙස හදමු වූ ආසාදිතයන් සංඛ්‍යාව 100 ඉක්මවා ඇති බව වාර්තා වේ.


0 Comments