අඩු ආදායම් ලාභීන්, අඩුවෙන් විදුලිය භාවිත කරන්නන් හා රජයේ රෝහල් වැනි ස්ථාන ඇතුළත් නොවන පරිදි විදුලි බල ගාස්තු සංශෝධනයක් සිදුකිරිමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කර තිබේ.
මේ අනුව ඇතැම් විට කර්මාන්තශාලාවල විදුලි බිල තුන් හතර ගුණයකින් ඉහළ යෑමට ඉඩ ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
බලශක්ති අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ විදුලිය ඒකකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් රුපියල් 47.18ක මුදලක් වැය වුවත් සෑම ආකාරයකම ක්ෂේත්‍රයන්ගෙන් අය කරන්නේ ඊට වඩා අඩු මිලක් බවත් ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් මසකට රුපියල් බිලියන 750ක් වැය වුවත් වසරකදී විදුලි බිල් වශයෙන් ලැබෙන මුදල රුපියල් බිලියන 250ක් ක් බවත් ය.
විදුලි බිල වැඩිවන කර්මාන්ත වෙනුවෙන් සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම දිරිමත් කරමින් ඒ සඳහා ගෙවීම් මාසික ක්‍රමයට ලබාදීම වෙනුවෙන් වැඩසටහනක් නිර්මාණය කිරීමට නියමිතයි.
එසේම ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ ඉන්දීය ණය ක්‍රමය හා චීන ණය ක්‍රමය හරහා සුර්ය පැනල ලබා ගැනීම වෙනුවෙන් මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවයි.
ඒ අනුව එක් එක් ක්ෂේත්‍ර අනුව විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් වැය වන මුදල පහත පරිදිය
ජල විදුලිය – රුපියල් 4.17
ඉන්ධන – රුපියල් 59.65
ගල් අඟුරු – රුපියල් 31.90
පෞද්ගලික බලාගාරවලින් – රුපියල් 67.15
සූර්ය හා සුළං වැනි පුනර්ජනනීය බලශක්තිය – රුපියල් 16.69
එක් එක් ක්ෂේත්‍රවලින් ඒකකයක් වෙනුවෙන් විදුලි බිල අයකරන ආකාරය පහත පරිදිය.
ඒකක 30ට අඩු භාවිතයක් සහිත – ඒකකයකට රුපියල් 2.50
ඒකක 180ට වැඩියෙන් භාවිත කරන – ඒකකයකට රුපියල් 45
ආගමික ස්ථාන වෙනුවෙන් – ඒකකයකට රුපියල් 1.90, ඒකක 180ට වැඩි රුපියල් 9.40
කර්මාන්ත සඳහා – ඒකක 300ක් දක්වා රුපියල් 10.80යි, එකක 300ට
0 Comments