බංගලාදේශය සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනය අවසන් වනවිට ඊයේ සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටින සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 258ක් ලබා සිටියේය.
වසර 4කට පසු බංගලාදේශයේ චැටෝග්‍රාම් හි සහුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගණයේදී ඇරැඹී තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා ඉනිම අරඹන්නට ඕෂධ ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න පිටියට පිවිසියේය. දිමුත්ට පිටියේ එතරම් සාර්ථක වන්නට බංගලාදේශ පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු 9ක් ලබා සිටි දිමුත් කරුණාරත්න දැවී ගියේය. ඔහු දැවී යනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 26ක් ලෙස දැක්විණි. එම කඩුල්ල බංගලාදේශ පිට දඟ පන්දු යවන ක්‍රීඩක නයිම් හසන්ගේ ගිණුමට බැරවිණි. ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසින් ලකුණු 36ක් ලබා සිටි ඕෂධ ව දවා ගන්නට නැවත ක්‍රියාත්මක වූ හසාන් සමත් විය.
ශ්‍රී ලංකා ඉනිමට සවියක් වූ කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් දිවියේ 13 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 54ක් රැස් කරගත්තේය. ධනංජය ද සිල්වා ලකුණු 6කට දැවී ගියේය. සිය ටෙස්ට් දිවියේ 12 වැනි සහ බංගලාදේශයට එරෙහිව සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරන්නට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.
දිනය අවසන් වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටින ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 114ක් සහ ලකුණු 34ක් ලබා සිටියේය.
0 Comments