ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ආණ්ඩුවට එක් වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මහින්ද අමරවීර ,දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න ,ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක යන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සම්බන්ධ වන බවයි ආරංචිමාර්ග සදහන් කර තිබේ.
නිමල් සිරිපාල ද සිල්වා ආණ්ඩුවට එක්ව වරාය,නාවුක හා ගුවන් සේවා ඇමැති ලෙස දිව්රුම් දුන් අතර,මහින්ද අමරවීර ද කැබිනට් අමාත්‍ය ධුරයක් හිමි වනු ඇති බවටයි වාර්තා වන්නේ
මේ පිලිබදව හිටපු පරිසර අමාත්‍ය මහින්ද අමරවිරගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී සදහන් කරේ තමන් එවැනි තීරණයකට තවම එළෙඹී නොමැති බවත් තම පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකු ආණ්ඩුවට එක්වන බවට වාර්තා වන පුවත ගැන තමන් දැනුවත් නැති බවයි.
ඉතිරි සිවුදෙනාගෙන් තිදෙනකු ට පමණ රාජ්‍ය අමාත්‍ය ධූර හිමි වීමට බොහෝ දුරට ඉඩ ඇති බවට දේශපාලන ආරංචි මාර්ඟ පවසයි.


0 Comments