ස්වාමීන් වහන්සේලා සහ කාදිනල් හිමිපාණන් රනිල් අගමැති කිරීමට විරුද්ධ වෙයි.

 


රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර,  ජනාධිපතිවරයා කිරීම  උත්සාහ කරන්න දෙයට වඩා වෙනස් දෙයක් බෞද්ධ ස්වාමීන් වහන්සේලා සහ පූජකවරුන් ඉල්ලා සිටින බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි ප්‍රකාශ කළා.

ස්වාධීන අග්‍රාමාත්‍යවරයෙකු සහිත අන්තර්වාර රජයක් පිහිටුවිය යුතු බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

මෙහිදී ඔවුන් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමේ යෝජනාව රටේ ජනතාවට අවශ්‍ය දෙයක් නොවන බවයි.

මේ රටේ ජනතාවට වශ්‍ය හොඳ සත්භාවයක් ඇති කෙනෙක් මිස පරාජය වී දේශපාලනයෙන් ඉවතට විසි වූ කෙනෙක් නොවන බව ඔවුන් ප්‍රකාශ කර සිටී.

 මෙය තවදුරටත් බලයේ සිටීම නාටකයක් බවට චෝදනා කළ ඔවුන් කියා සිටියේය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පිළි නොගන්නා බවයි. විපක්ෂනායකතුමාගේ ඉදිරිපත්වීමට ගරු කරන බව ද සෝභිත හිමියන් මෙහිදී කියා සිටියා.

Post a Comment

0 Comments