බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය අද (31 වැනිදා) පැහැදිලි කරන ලෙස දන්වමින් අධිකරණය නීතිපතිවරයාට ඊයේ (30 වැනිදා) නොතිසි නිකුත් කළේය.
ඒ අනුව විත්තිකාර අභියාචක ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම අද (31 වැනිදා) දින සලකා බලන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ ප්‍රකාශ කළේය.
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කරන ලදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා තිබූ නඩුවට වරදකරු වූ ශෂී වීරවංශට බරපතළ වැඩසහිත වසර 2ක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩ මුදලක් කොළඹ (පූර්වගාමී) ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී.රාගල ඉකුත් 27 වැනිදා නියම කළේය.
එම සිරදඬුවමට එරෙහිව ශෂී වීරවංශගේ නීතිඥවරුන් ඇප ඉල්ලීමක් කර තිබූ අතර එම ඇප ඉල්ලීම ඊයේ (30 වැනිදා) සලකා බැලුණි.
අදාළ ඇප පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී ශෂී වීරවංශ බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
0 Comments