පොලී අනුපාත ගැන මහ බැංකුවෙන් තීරණයක්


 

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 අංක 04 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය අද (19) දින පෙරවරු 7.30 ට දැනුම් දීමට නියමිතව තිබේ.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඔහුගේ ප්‍රධානත්වයෙන් පළමු වරට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අප්‍රේල් 08 වැනි දින රැස්විය.

එහිදී මෙම වසරේ අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 700 බැගින්, පිළිවෙලින් 13.50% සහ 14.50% දක්වා ඉහළ නැවීමට තීරණය කෙරුණි.

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ එක වරක දී ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නැංවූ විශාලතම පදනම් අංක ගණන වේ.

පසුගිය සතියේ (මැයි 11) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 91, 182 හා 364 යන කාණ්ඩ තුනටම අදාළ පොලී අනුපාතිකයන් 24% සීමාව ඉක්මවා ගොස් තිබුණු අතර එම පසුබිම හා පවතින උද්ධමනකාරී වටපිටාව තුළ, ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් ඉහළ යාමට වැඩි ඉඩක් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

Post a Comment

0 Comments