එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව ජනාධිපති මොහොමඩ් බින් සයීඩ්

 


මොහොමඩ් බින් සයීඩ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස එරට රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ ඊයේ (13) දිනයේ දී ඩුබායි රාජ්‍යයෙහි ජනාධිපති ලෙස කටයුතු කළ Sheikh Khalifa bin Zayed Al Nahyan අභාවප්‍රාප්ත වීමත් සමගයි.

Sheikh Khalifa bin Zayed Al Nahyan එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති සහ අබුඩාබියේ පාලකයා ලෙස 2004 නොවැම්බර් 3 සිට සිය ධුරයේ ක්‍රියා කළා.

නව ජනාධිපතිවරයාගේ පත්වීමත් සමග ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තුන්වන ජනාධිපතිවරයා ලෙසයි ඉතිහාසගත වන්නේ.

61 හැවිරිදි ඔහු අබුඩාබි එමිරේට්ස් හි පාලකයා ද වනු ඇති

Post a Comment

0 Comments