ඉන්ධන කලවම් කර වැඩි මිලට විකුණයි…

 නිත්‍යානුකූල ඉන්ධන පිරවුම්හල් වලින් මිස තෙවැනි පාර්ශ්වයන්ගෙන් ඉන්ධන මිලදී නොගන්නැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලයි.

ඇතැම් පිරිස් විසින් ඉන්ධන එකතු කර ගෙන මිශ්‍ර කර වැඩි මිලට අලෙවි කරන බව හෙළි වී ඇතැයිද ඇමතිවරයා කියා සිටී.

එවන් ව්‍යාපාර තවදුරටත් දිරිමත් නොකරන ලෙසත් එවන් ස්ථාන පිළිබඳ වාර්තා කරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.

Post a Comment

0 Comments