අයිස් මත්ද්‍රව්‍ය සමග තුන්දෙනෙකු කොටුවෙයි

 


රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සමග තුන්දෙනෙකු මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අයිස් රැම් එක සිතක් සමඟ සැකකරුවෙකු ඊයේ උදෑසන පළමු අත්අඩංගුවට ගත් අතර, ඔහුගෙන් අනාවරණය වූ තොරතුරු මත මීගමුව බස් නැවතුම්පොළ අසල දී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා..

ඒ අයිස් ග්‍රෑම් 157ක් සමගයි.

එම සැකකරුවන් දෙදෙනාගෙන්ම සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු වලට අනුව තුන්වන සැකකරු අත්අංගුවට ගනු ලැබුවේ මීගමුව - රමණි මාවත ප්‍රදේශයෙනි. 

මොවුන් සතුව තිබී කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 157ක් අත්අඩංගුවට ගත්බව පොලිත් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කරයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව සහ මරදාන ප්‍රදේශවල පදිංචිකරුවන්.

Post a Comment

0 Comments