වැඩි මිලට සහල් විකිණුවොත් වැඩ වැරදී

 


උපරිම සිල්ලර මිලට වඩා ඉහළ මිල ගණන් යටතේ සහල් අලෙවි කරන වෙළෙදුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. එසේ වැඩි මිලට අලවිකරණ වෙළදුන් සදහා දඩ නියමකිරීමට එම අදිකරීය තීරණය කර තිබේ. 

ඒ අනුව තනි පුද්ගල ව්‍යාපාරයක් නම් රු 100 000 යේ සිට රු. 500 0000 ක උපරිමයක් දක්වා වූ දඩ මුදලක් නියම කරනු ලබන අතර  පුද්ගලික සමාගමක් විසින් ඉහළ මිල ගණන් යටතේ සහල් අලෙවි කළහොත් ඔවුන්ට රුපියල් ලක්ෂ 5 සිට රුපියල් මිලියන 5 ක උපරිමයක් දක්වා වූ දඩ මුදලක් නියම කරන බව සඳහන් වේ.

මීට අමතරව සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව ඔවුන් පවසයි.

දේශීය සුදු සහ රතු නාඩු කිලෝග්‍රෑමයකට රුපියල් 220ක්, දේශීය සුදු හා රතු සම්බා කිලෝග්‍රෑමයකට රුපියල් 230 ක් සහ දේශීය කීරි සම්බා කිලෝග්‍රෑමයකට රුපියල් 260 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.

Post a Comment

0 Comments