ගාලුමෝදර සිදුවූ කලහකාරී සිදුවීම කල්තියා වළක්වන ලෙස ජනාධිපතිවරයා විසින් තමාට උපදෙස් ලබාදුන් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසා ඇති බව වාර්තා වෙනවා. මේ බව ඔහු පවසා ඇත්තේ මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දෙමිනි. ජනාධිපති ගේ උපදෙස් අනුව මෙම කලහකාරී තත්වය පාලනය කිරීමට නිලධාරීන් සහ ජල ප්‍රහාරක රථ දෙකක්ද ගාලුමුවදොර පිටියට කැඳවා තිබූ බවයි එහිදී වැඩිදුරටත් ඔහු පවසා තිබුණේ.
අවසන් මොහොතේ ඉහළ බලධාරීන් දෙදෙනෙක් විසින්, ජනාධිපතිවරයා කුමන උපදෙස් ලබා දුන්නද ජල ප්‍රහාර, කඳුළුගෑස් එල්ල නොකරන ලෙස තමන්ට මෙන්ම එහි සිටි තවත් ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට පැවසූ බවත් දේශබන්දු තෙන්නකෝන් පවසා තිබෙනවා. ඒ හේතුවෙන් කලහකාරී පිරිස් පොලිස් නිලධාරීන් ද ඉවත් කරමින් ගාලුමුවදොර පිටියට ඇතුලත් වූ බවත්, ජනාධිපති දුන් උපදෙස් අනුව කටයුතු කළේ නම් මෙම සිදුවීම නවතා ගන්නට තිබූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.


0 Comments