අද ලංගම බස් රථ ධාවනය සීමිතයි


 ඇදිරි නීතිය ඉවත්කළ පැය 07 ක කාලසීමාවේදී ඩිපෝ මට්ටමින් පළාත් තුළ සීමිත බස් රථ ප්‍රමාණයක් ධාවනයට යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක පැවසුවේ දුරගමන් සේවා බස් රථ ධාවනය නොවීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි.

ඇදිරි නීතිය පැනවීමත් සමග ලංගම සේවකයින් සිය ගම්බිම්බලා පිටත්ව ගොස් ඇති බැවින් බොහෝ දුරට අද දිනයේදී සේවයට වාර්තා නොකරන තත්වයක් පවතින බවද කිංස්ලි රණවක වැඩිදුරටත් සදහන් කරයි.

එම නිසා පළාත් තුළ සීමිත බස් රථ ධාවනයක් සිදුවන නමුත් අන්තර් පළාත් බස් රථ ධාවනය සිදුනොවන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments