රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පළමු වාර්තාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ විසින් අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගිය වසරේ අගෝස්තු මස 4 වැනිදා සිට 2021 වසරේ සැප්තැම්බර් මස 19 කාලය තුළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් කැඳවන ලද රාජ්‍ය ආයතන 7ක සහ එක් විශේෂ විගණන වාර්තාවක විමර්ශනයන් පිළිබඳ තොරතුරු මෙම වාර්තාවට අන්තර්ගත වේ.
ඒ අනුව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, සමාජ සංවර්ධන දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, කුරුණෑගල මහනගර සභාව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය සහ සෞඛ්‍ය පෝෂණය හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය විසින් සිදු කරනු ලබන වෛද්‍ය සැපයීම්,සැපයීමේ ක්‍රියාවලිය පිළිබඳ 2018 මාර්තු 14 දිනැති විගණකාධිපති විශේෂ විගණන වාර්තාව පිළිබඳ විමර්ශිත තොරතුරු මෙම වාර්තාවට ඇතුළත් වේ.


0 Comments