ජොනී සැඟවී සිටින කුටිය සොයා උමංදාව වනසයි

 කුරුණෑගල මැල්සිරිපුර පිහිටි උමංදාව විහාරස්ථානයට අරගලකරුවන් යැයි කියා ගන්නා පිරිසක් පැමිණ මෙම විහාරස්ථානයේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඟවාගෙන සිටින බවට පවසමින් අමාත්‍යවරයා සොයා විහාරස්ථානයේ දේපළවලට හානි කර ඇති බව සිරි සමන්තභද්‍ර හිමියන් පවසනවා.

උන්වහන්සේ අරුණ youtube නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කරන්නේ උමංදාවේ දියුණුව බලා සිටීමට නොහැකි ඊර්ෂ්‍යාකාර පිරිසක් විසින් මෙය සිදුකර ඇති බවයි.

උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙම කලහකාරී පිරිසත් සමඟ අවට විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලා පිරිසක්ද උමංදාවට පැමිණි බවයි

මේ සම්බන්ධයෙන් වහාම නීති ක්‍රියාත්මක කරන ලෙස සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ ජනාධිපතිවරයාගෙන් සහ අභිනවයෙන් පත්වූ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

මෙම සිදුවීම් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව් කිහිපයක්ම අරුණ යූ ටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ හෙළි කර තිබේ.
එමෙන්ම මෙතෙක් කිසිදු මාධ්‍යයකින් අනාවරණය නොවූ වීඩියෝ පට රැසක් මෙම සම්මුඛ සාකච්ඡාවේදී සමාජයට මුදාහැරුණා.

එම වීඩියෝව පහතින්

Post a Comment

0 Comments