ජනතා විමුක්ති පෙරමුණ පොලිස්පතිවරයා හමුවීමට තීරණය කර තිබේ.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදි කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමක් වශයෙනි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් සිය ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් මේ බව සදහන් කර තිබේ.
ප්රචණ්ඩ ක්රියා සම්බන්ධව අත්අඩංගුවට ගත් 450ක පිරිස අතර ජවිපෙ සාමාජිකයන් 150ක් සිටින බවට පොලිස්පති තමන්ට පැවසූවා යැයි අරුන්දික ප්‍රනාන්දු මන්ත්රීවරයා පාර්ලිමේන්තුවේදී කළ බරපතල ප්රකාශය සම්බන්ධයෙන් කඩිනම් පැහැදිලි කිරීමක් සිදුකර ගැනීමට ජවිපෙ පොලිස්පතිවරයා හමුවීමට තීරණය කර තිබේ.
— Anura Kumara Dissanayake (@anuradisanayake) May 19, 2022


0 Comments