ජනාධිපතිට ඉල්ලා අස්වන්නැයි මහේල දැනුම් දෙයි…

 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහා ධුරයෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.

දෙදිනක් වයස බිළිඳියක් ඉක්මනින් රෝහල් ගත කිරීමට අවශ්‍ය ඉන්ධන සොයා ගැනීමට නොහැකි වීම නිසා මියගොස් ඇතැයි පළවූ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා තිබේ.

ඔහු මෙසේ සදහන් කර ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

මහේල මේ බව දන්වා ඇත්තේ ජනාධිපතිවරයාගේ නිල සමාජ ජාල ගිණුමද ඒ හා සම්බන්ද කරමිනි.

Post a Comment

0 Comments