ඇමැතිවරුන් තේරීම අගමැති අතේ


ඇමැති මණ්ඩලය තෝරා පත් කර ගැනීමේ පූර්ණ බලය නව අගමැති ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා සතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු ඇමැති මණ්ඩලයට ඊයේ (12 වැනිදා) දැනුම් දී තිබේ.

හිටපු ඇමැති මණ්ඩලය ජනාධිපති මන්දිරයට කැඳවූ ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇති අතර ඇමැතිධුර ලැබුණත් නොලැබුණත් රට ගොඩනැංවීම සඳහා නව අගමැතිවරවයාට සහයෝගය ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා හිටපු ඇමැතිවරුන්ට දැනුම් දී ඇතිබව වාර්තා වේ.

අගමැති ධුරය සඳහා නම් කිහිපයක් යෝජනා වුවද තමන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නම තෝරාගත් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. මෙම සාකච්ඡාවට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාද සහභාගි වී ඇති අතර ඔහු හිටපු ඇමැතිවරුන් සමග දීර්ඝව සාකච්ඡා කර තිබේ. ගෑස්, විදුලිය, සහ ඉන්ධන ජනතාවට අඛණ්ඩව ලබාදීම සිය පළමු රාජකාරිය බවද ඒ සඳහා ජාත්‍යන්තර ආධාර ආයතන සමග සාකච්ඡා කර ඇති බවද ඔහු අනාවරණය කර තිබේ.

Post a Comment

0 Comments