නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව ජනපති සහ අගමැති සමඟ 20කට සීමා කරයි.
ඊට අමතරව ආයතන වැඩි සංඛ්‍යාවක් ඇති විශාල අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
නව රජයේ රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනමනවා ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නොමැති අතර, ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වීමට ප්‍රථම කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. තවද අමාත්‍යවරුන්ගේ විෂය පථය සැකසීම සඳහා සති දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි විශ්වාස කෙරේ.
0 Comments